ඔබට කරන අරාධනාවයි

ඔබට කරන අරාධනාවයි

අරාධනාවයි

අරාධනාවයි

වාහල්කඩ සැලැස්ම

වාහල්කඩ සැලැස්ම

අපේ පන්සල ගැන...

ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනය - විහාරස්ථානය පිළිබඳ තොරතුරු

බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ කොළොන්නාව ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථානයක් වන ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනය ඔරුගොඩවත්ත මං සන්ධියෙන් අවිස්සාවේල්ල පාරට හැරී මීටර් 200ක් පමණ ගිය විට වම් පසට වන්නට වැටී ඇති තරමක තාර දැමූ පාරක් වෙයි. එම ප‍්‍රදේශය මජිඩ් පෙදෙස යනුවෙන් කලක් භාවිත වූ අතර විහාරස්ථානයේ ආරම්භයත් සමග එය සද්ධාතිස්ස නාහිමි මාවත යනුවෙන් හඳුන්වන අතර සද්ධාතිස්ස නාහිමි මාවතින් වමට හැරී තවත් මීටර් 50ක් පමණ ගිය තැන එතැනින් ද වම් පැත්තට වන්නට මෙම විහාරස්ථානය දැක ගත හැකිය. චන්ද්‍රිකා දසුන සඳහා
නාගරික පැල්පත් පරිසරයක පිහිටි මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරාරාංගවලින් සමන්විත වන අතර 1998 සැප්තැම්බර් 21 දින විහාරස්ථානයේ රෝපණය කොට ඇත්තේ අනුරාධපුර ජය ශ‍්‍රී මහ බෝධින් වහන්සේගෙන්ලබාගත් අංකුරයකි . ඒ බව විහාරස්ථානයේ සංඝාවාසයේ රාමු කොට එල්වා ඇතිඅනුරාධපුර අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරි නිවාසාභිදාන නායක ස්වාමින් වහන්සේගේ අත්සනින් නිකුත් කර ඇති සහතික පත‍්‍රයෙහි සඳහන් වෙයි. දෙමහල් චෛත්‍යය අභ්‍යන්තරයේ නිමවා ඇති බුද්ධ මණ්දිරය ඉතා සිත් ගන්නා සුළු නිමැවුමකි. සිංහල, දෙමළ මුස්ලිම් යන විවිධ ජන වර්ගයන්ට අයත් ජනතාවක් විහාරස්ථානයේ දායක පින්වතුන් වශයෙන් කටයුතු කරනු ලබයි. ප‍්‍රදේශයේ ආගමික මෙන්ම සමාජයීය කටයුතුවල දී විහාරස්ථානය ප‍්‍රමුඛස්ථානයක් ගනු ලබයි.
සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ අංක එස්./6861 දරණ ලියාපදිංචි අංකය යටතේ ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අංක බෞකො/සං7/කාසා/කො/කොව/17 දරණ ලියාපදිංචි අංකය යටතේ ද ලියාපදිංචි ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතන විහාරස්ථාන කාර්ය සාධක සමිතිය විහාරස්ථානය මුල් කර ඉතා වැදගත් කාය්‍යූ කොටසක් ඉටු කරනු ලබයි. මෙම ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතන විහාරස්ථාන කාර්ය සාධක සමිතියෙහි ගරු සභාපති වශයෙන් පූජ්‍ය මැණික්කඩවර ඤාණවිමල ස්වාමින් වහන්සේ කටයුතු කරනු ලබයි. ගිහි අනුශාසක වශෙයන් කටයුතු කරනු ලබන 510 ඒ ඔරුගොඩවත්ත ග‍්‍රාමසේවා වසම, ග‍්‍රාමසේවක මහතා, හිටපු නාගරික මන්ත‍්‍රී උපසේන මහගමගේ මහතා, නීතීඥ අරුණ නිශාන්ත මහතා, අබේසේකර මහතා සහ ආර්. ඒ. ගුණදාස මහත්මාවිසිනි. ඒ අතර ගරු භාණ්ඩාගාරික වශයෙන් ඒ. ඩී. සිරිවර්ධන මහත්මා කටයුතු කරනු ලබයි. ගරු ලේකම් වශයෙන් එච්. එම්. උපුල් ජානක නානායක්කාර මහතා කටයුතු කරනු ලබයි. උප සභාපති වශයෙන් ආනන්ද ගුණසේකර මහතා ද උප සේකම් තනතුර සුජීව නිශාන්ත මහතා ද කටයුතු කරයි.
තවද විහාරස්ථාන කාර්ය සාධක සමිතියෙහි සියළු ගිණුම් කටයුතු,

දෙමටගොඩ මහජන බැංකු ශාඛාවෙහි අංක 071-2-001-2-3338375 දරණ ඉතිරිකිරීමේ ගිණුම

මුල් කර ගනිමින් සිදුකරනු ලබයි . විහාරස්ථානයේ සියළු ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම විහාරස්ථාන සංවර්ධන කටයුතු සඳහා ද ඔබගේ යම් බැතිබර දායකත්වයක් පිරිණමන්නේ නම් දෙමටගොඩ මහජන බැංකු ශාඛාවට ශ‍්‍රී සම්බුද්ධාලෝක ධර්මායතන විහාරස්ථාන කාර්ය සාධක සමිතියෙහි එම ගිණුම් අංකයට ලැබෙන සේ යොමු කළ හැකිය.තවද සිවිල් සංවිධාන රැසක් විහාරස්ථානය වටා ගොඩ නැගී ඇත. එම සිවිල් සංවිධාන අතරට,
* සමෘද්ධි සමිතිය
* මරණාධාර සමිතිය
* සාක්‍ෂරතා පාසල
මෙයට අමතරව විහාරස්ථානයේ සෑම ඉරිදා දිනයකම ඉරු දින දහම් පාසල පවත්වනු ලබයි. දහම් පාසලේ විවිධ ජනවර්ගවලට අයත් සහ විවිධ ආගම් අදහන දරු දැරියන් දෙසීයකට අධික ප‍්‍රමාණයක් දහම් අධ්‍යාපනය හදාරනු ලබයි.